Monday, June 2, 2025
Local NewsPolitics

අහිංසකයාගේ මරණය-ලෝකයේ දුප්පත්ම ජනාධිපති

0

උරුගුවායි රටේ ජනාධිපතිව සිටි හෝසේ මුජිකා පසුගියදා අභාවප්‍රාප්ත විය. සාමාන්‍යයෙන් ජනාධිපති කෙනකුගේ මරණය ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් මුජිකාගේ මරණය ප්‍රවෘත්තියක් වන්නේ ඔහු ලෝකයේ දුප්පත්ම ජනාධිපති වූ නිසාය. උරුගුවායි රාජ්‍යයේ ධනපති ආණ්ඩු විරෝධී ගරිල්ලා ව්‍යාපාරයේ නායකයකු ලෙස කටයුතු කළ හෝසේ මුජිකා 1970 දී ගමකට වෙඩි කෑවේය. ඔහු සමග ගරිල්ලා යුද්ධයේ නිරතව සිටි සෙසු සහෝදරවරුන් කල්පනා කළේ ඔහු මිය යන්නට ඇති බවය. කෙසේ වුවත් තම සහෝදර කැරලිකරුවාගේ මළ මිනිය කඳවුරට ගෙන යා යුතු බැවින් කැරලිකරුවෝ හෝසේගේ සිරුර කර තබාගෙන කඳවුරට ගියහ. කඳවුරේ මහ පොළොව මත බාවන ලද කල්හි හෝසේ මියගොස් නැති බව සහෝදර කැරලිකරුවන්ට වැටහී ගියහ. එතැන් සිට ඔහුට ප්‍රතිකාර කරන ලදුව හෝසේ ටික දිනකින් කෙළින් සිට ගත්තේය…..|තව කියවන්න දිවයින

Share this :