‘ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගැන තොරතුරු සොයා ගන්න උසාවි යනවා’- දයාසිරි
ආන්දෝලනයට ලක්ව ඇති කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවැසීය. ආණ්ඩුව මෙම බහලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇතැයි පැවැසු මන්ත්‍රීවරයා සොන්ටේනර් නිදහස් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුලු රේගු සටහන්කරය අධිකරණය මාර්ගයෙන් ලබා ගන්නා බව ද කිවේ ය. කන්ටෙනර් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමෙන් දැවැන්ත හොරකමක් සිදුව ඇතැයි පැවැසු මන්ත්‍රීවරයා මෙම කන්ටේනර්වලට හා ඒවායේ බහා තිබූ භාණ්ඩවලට සිදුවූ දේවල් පිළිබඳව කිසිවෙකු නොදන්නා බව සඳහන් කළේ ය…..|තව කියවන්න මව්බිම