ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙසට ඇමරිකාවෙන් ඉල්ලා සිටිමින් කියුබාව පුරා පෙළපාලි
කියුබාව පුරා ඊයේ(1) දිනයේ කම්කරු දින පෙළපාලි පැවැත්විණ. ඇමරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කළ යුතු බව පෙළපාලියට එක්වූ පිරිස ප්‍රකාශ කළහ. Havana විප්ලවීය චතුරශ්‍රයේ පැවති පෙළපාලියට එරට විප්ලවීය නායක Raúl Modesto Castro Ruz හා කියුබා කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, ජනාධිපති Miguel Díaz-Canel Bermúdez යන මහත්වරු ද එක්වූහ.
Havana අගනගරයේ හය ලක්ෂයකට වැඩි පිරිසක් ඇතුළුව රට පුරා මිලියන 5.3කට වැඩි පිරිසක් ඊයේ පැවති පෙළපාලි සඳහා එක්වූ බව කියුබාවේ Cubadebate නිල වෙබ්අඩවිය වාර්තා කර ඇත…..|තව කියවන්න CRI online