ආසියාවේ ආලෝකය නිවෙන්නට ඉඩ නොදෙමු
ලොව පුරා සිටින ලක්‍ෂ සංඛ්‍යාත බොදු බැතිමත්හු ලබන සඳුදා බුදු තෙමඟුල සමරති. මේ සැමරුම යෙදෙන වකවානුව ලෝක සාමයට අතිශයින් වැදගත්ය. මන්දයත් බුදුන් උපන් භූමියේ පිහිටි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් මේ වෙලාවේ දී එකිනෙකා සමග සටන් කරමින් සිටිති. ඉන්දියාව සහ පාකිස්තානය යන මේ දෙරට න්‍යෂ්ටික බලවතුන් වන අතර මේ යුද්ධය දිගින් දිගටම ඇදුනොත් න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමට පාර්ශ්ව දෙකටම සිදුවනවා ඇත. එවැනි න්‍යෂ්ටික යුද්ධයක් හට ගත්තොත් එහි පළමු වින්දිතයන් බවට පත් වීමට අපට සිදුවේ. අප ද බුදු තෙමඟුල සමරන්නේ එවැනි අන්තරාදායක අවස්ථාවක සිටය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සාමය පිණිසම කැප වුණු දහමකි. පවුලේ සාමය, ගමේ සාමය, ප්‍රදේශයේ සාමය, රටේ සාමය සහ ලෝක සාමය වශයෙන් පියවරෙන් පියවරට යන දීර්ඝ දැක්මක් බුදුදහමට තිබේ. අද යුද්ධයෙහි නිරතව සිටින පාකිස්තානය සහ ඉන්දියාව යන දෙරටම බුදුදහමේ අගය දනිති. ඉස්ලාමීය රටක් වුවද පාකිස්තානය බුදුදහමට මහත් සේ ගරු කරයි. බුදුදහමේ පෞරාණික වස්තු, ධාතුන් වහන්සේලා සහ වන්දනීය ස්ථාන පාකිස්තානයේ පිහිටා ඇත. ඇතැම් ඉස්ලාමීය ආක්‍රමණිකයන් විසින් ඒවා විනාශ කළ ද පසුකාලයේ දී බලයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී පාකිස්තාන නායකයන් විසින් එකී බෞද්ධ පුරාවස්තු සංරක්‍ෂණය කර මතු පරපුරට දැක බලාගැනීම සඳහා කෞතුකාගාරවල තැන්පත් කරන ලදී. ඉන්දියාවේ බහුතරය හින්දු ආගමිකයන් වුවද එරට තුළ බුදුදහමට විශේෂ තැනක් තිබේ. බුදුන්වහන්සේ උපන් භූමිය ඉන්දියාවම බව පසුගිය දිනෙක ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය…..|තව කියවන්න දිවයින