ඇමරිකාව සමග ස්වභාවික සම්පත් හුවමාරු කිරීමේ ගිවිසුමට යුක්රේන ජනපතිගේ අනුමැතිය
ඇමරිකාව සමග ස්වභාවික සම්පත් හුවමාරු කිරීම අනුමත කිරීමේ ගිවිසුමට යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අත්සන් තබයි. ඊයේ(12) අත්සන් කළ එම ගිවිසුමට අනුව යුක්රේන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ ආයෝජන අරමුදලක් ස්ථාපිත කෙරෙන බව එරට පාර්ලිමේන්තු නිල වෙබ්අඩවිය වාර්තා කර ඇත.
මෙම ගිවිසුමට අනුව යුක්රේනයේ ඛනිජ සම්පත්, ගෑස් සහ තෙල් ආදියෙහි නව පුරස්කාර මුදල් යෙදවීමෙන් මෙම අරමුදලට යම් අනුපාතයකින් මුදල් සපයනු ඇත. මෙම අරමුදල පිහිටුවීමේ ගිවිසුම වොෂින්ටනයේදී පසුගිය අප්‍රේල් 30 වනදා යුක්රේනයේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Yulia Svyrydenko සහ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Scott Bessent විසින් අත්සන් තබන ලදි…..|තව කියවන්න CRI online