ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සහය ලබන මතභේදාත්මක GHF ආධාර ආයතනය යනු කුමක් ද?
වෙඩි ප්‍රහාරවලින් හෝ උණ්ඩ කැබලිවලින් ඇති වූ තුවාලවලින් යුත් “පුද්ගලයින් අතිවිශාල පිරිසක්” දකුණු ගාසා තීරයෙහි පිහිටා ඇති රතුකුරුස සංවිධානයට අයත් ක්ෂේත්‍ර රෝහලකට ඇතුළත් කර ගත් බව එම රෝහල පවසයි. ඒ බව වාර්තා වන්නේ, රෆාහි පිහිටි ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ආසන්නයේ ඇති වූ සිද්ධියක් පිළිබඳව පරස්පර විරෝධී වාර්තා ලැබෙමින් තිබෙන අතරවාරයේදී ය.
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මරණයට පත්ව තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව හමාස් සංවිධානයෙහි පාලනය යටතේ පවතින ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය හා ආණ්ඩුවේ මාධ්‍ය කාර්යාලය කියා සිටී. එම මාධ්‍ය කාර්යාලය පසුව නිවේදනය කළේ, වාඩි ගාසා පාලම (Wadi Gaza Bridge) ආසන්නයේ පිහිටි තවත් ආධාර මධ්‍යස්ථානයක් අසලදී තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය…..|තව කියවන්න BBC NEWS සිංහල