ඉන්දු පාකිස්තාන යුද්ධයකින් අප පරදින හැටි මෙන්න
බොහෝ දුරට පියවි ඇසට පෙනෙන පරිදි ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමට නියමිතය. සාමාන්‍යයෙන් යුද්ධය ආතල් එකක් සේ ගන්න ජන කොටසක් ද ලෝකයේ සිටිති. ඔවුන් ජීවත් වන්නේ භීතිය වෙළෙඳාම් කොටය. මේ අයට panic agent යැයි කියනු ලැබේ. පැනික් ඒජන්තවරයා නිතරම කරන්නේ තවමත් හටගෙන නැති යුද්ධය, හටගෙන ඇති බව ප්‍රචාරය කරමින් එමගින් මිනිසුන් බියපත් වනු බලා fun එකක් ගැනීමය. මෙය එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම වේ. ඒ අතර යුද්ධයට කෑදර මිනිස්සු ලෝකය පුරාම සිටිති. උදාහරණයක් වශයෙන් පාකිස්තානය සහ ඉන්දියාවේ සමාජ මාධ්‍ය දෙස බැලූ විට සමහර සමාජ මාධ්‍යකරුවන් කෙතරම් නීච ලෙස යුද්ධය ප්‍රාර්ථනා කරන්නේ ද යන්න පෙනේ. කෙසේ වුවද අප හැම විටම ප්‍රාර්ථනා කළ යුත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති නොවිය යුතු බවය. එයට හේතුව මෙවැනි යුද්ධයක් අවසානයේදී අප පරාජයට පත්වීමය. මේ කතුවැකිය අද අප යොදාගන්නේ ඒ පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් ඉදිරිපත් කිරීමටය…..|තව කියවන්න දිවයින