ඉන්දු-පාකිස්ථාන ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණස්සල්ල
ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින නොසන්සුන්තාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා සිය කණස්සල්ල පළ කරයි.
ඉකුත් 22වැනි දා ඉන්දීය පාලිත කාශ්මීර ප්‍රදේශයක සංචාරකයන් ඉලක්ක කර සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ඊයේ (29) ඉන්දීය විදේශ අමාත්‍යවරයා හා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සමග වෙන් වෙන්ව දුරකථන ඇමතුම් ඔස්සේ අදහස් හුවමාරු කර ඇතැයි ඊයේ පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය මාධ්‍ය හමුවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා කියා සිටියේ ය. එහිදී ජගත් ලේකම්වරයා ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින නොසන්සුන්තාව පිළිබඳ කණස්සල්ල පළ කර ඇත.….|තව කියවන්න China Radio International (CRI)