ඉහළ අවිනිශ්චිත බවකට මුහුණ දී ඇති ගෝලීය ආර්ථික වර්ධනයේ පසුගාමී තත්ත්වයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (15) “2025 වසරේ ගෝලීය ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් පිළිබඳ වසර මැද යාවත්කාලීන කිරීම” යන වාර්තාව නිකුත් කළේය. 2025 වසරේ ජනවාරි මාසයේ පුරෝකථනයෙන් පසු ගෝලීය ඉදිරි ආර්ථික දැක්ම සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව අදාළ වාර්තාව සඳහන් කළේය. ඉහළ ගිය තීරුබදු සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිත භාවය සැපයුම් දාමයන් මත බර පටවමින් ද, නිෂ්පාදන පිරිවැය ඉහළ නංවමින් සහ ව්‍යාපාර ආයෝජන මන්දගාමී කරමින් ද සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත බලපෑම් එල්ල කරනු ලබයි.
2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.4% දක්වා මන්දගාමී වනු ඇතැයි මෙම වාර්තාවෙහි පුරෝකථනය කර ඇති අතර එය 2024 වසරේ 2.9% ක වර්ධන වේගයට වඩා සැලකිය යුතු පහත වැටීමකි. දුර්වල ගෝලීය වර්ධනය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් බාධා කරන අතර, දරිද්‍රතාවය සහ අසමානතාවය උග්‍ර කරමින් හරිත පරිවර්තනය සඳහා ආයෝජනය ද සීමා කරයි…..|තව කියවන්න CRI online