ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තවත් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට
ගාසා තීරයට ඊයේ(02) අලුයම සිට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 32කු මිය ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා හි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වුව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ මේ පිළිබඳ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. හමාස් සංවිධානය සමග ආරම්භ කළ සටන් විරාමයේ පළමු අදියර කාලය අවසන් වීමත් සමග, මාර්තු 2 වන දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට සිදු කෙරෙන භාණ්ඩ සහ අවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය ප්‍රවේශය වහාම නතර කර ඇත. දෙපාර්ශ්වය අතර එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් සටන් විරාමයේ දෙවන අදියර ද මෙතෙක් ආරම්භ කර නොමැත…..|තව කියවන්න CRI online