Saturday, May 31, 2025
International

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි 100කට අධික පිරිසක් මරුට…

0

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි අද (මැයි 15) මියගිය සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇති බව හමාස් සංවිධානය මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය 13 දෙනෙකු ද මිය ගිය සංඛ්‍යාවට අයත් ය. ප්‍රහාරයෙන් යාච්ඥා ශාලාවක් සහ පුණ්‍යායතන සායනයක් පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවිය. ගාසා තීරයට ආධාර ඇතුළු වීම ඊශ්‍රායල විසින් අවහිර කරනු ලැබීම අඛණ්ඩව පවතින අතරතුර මෙම ගුවන් ප්‍රහාර එල්ල විය. එහි මානුෂීය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව විවිධ ආධාර ආයතන 10ක් ප්‍රකාශ කර ඇත…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :