ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිලි කිරීමක් සිදුකළේය.
ඒහිදී යෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, “අපිත් කියනවා ඖෂධ හිඟයක් තියෙනවා. ඒ්ක අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ් තදබදය තාම තියෙනවා. ඒ්ක නිසා අපේ සැපයුම් ජාලයේ වරින්වර දුර්වලතා ඇති වෙයි. සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 150ත් 180ක වගේ හිඟ තාවයක් ඇතිවෙනවා. ඒ්ක අපි පිළිගන්නවා. මුළු ලංකාවේම නෙමෙයි ඒ් හිඟ තාවය ඇතිවෙන්නේ අපේ ප්‍රධාන ගඩාව තුළ. මේකට හේතුව තමයි ලංකාවට බෙහෙතක් ආපූ ගමන් බලන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනට බෙදලා දාන්න තමයි. රෝහල් මට්ටමින් ගත්තාම ඒ් හිඟ තාවය තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර. අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක්. “…..|තව කියවන්න අරුණ