Sunday, June 8, 2025
Local News

රටේ ජාතික දිනය වශයෙන් පොසොන් පෝය දිනය ?

0

සින්හල බෞද්ධ ජාතියේ උපත සිදුවූයේ ක්‍රි. පූ. 307 වන සියවසේ පොසොන්පෝය දිනයේ දී සිදුවූ ඒ අසිරිමත් මහින්දාගමනයත් සමඟය.  එබැවින් අනිවාර්‍යෙන්ම මේ රටේ ජාතික දිනය විය යුත්තේ පොසොන්පෝය දිනය මිස වෙනත් කිසිම දිනයක් නොවේ.  එමනිසා පොසොන්පෝ දිනය දැන්වත් මේ සින්හල බෞද්ධ රටේ ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට එය ව්‍යවස්ථාගත කළ යුතුය.ඒ සමඟම මේ රටේ හෝ සින්හල ජාතියේ ආරම්භයට කිසිදු සම්භන්ධයක් නැති පෙබරවාරි 04 ජාතික දිනය වශයෙන් ප්‍රකාශකොට ඇති 1978 ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය නමැති කුණුහරුපයද වහාම පරිච්චින්න කළ යුතුය.

ඒ සමඟම ඉන්පසු සින්හල බෞද්ධ ජාතියේ  සැබෑ ජාතික දිනය වශයෙන් පොසොන්පෝය දිනය වසරක් පාසා රාජ්‍ය අනුග්‍රහය ඇතිව රට පුරා සැමරිය යුතුය. එසේම ජාතික වැඩපිළිවෙලක් වශයෙන් රට පුරා සියලුම පාසැල් සහ පන්සල්වලද සියළුම විශ්වවිද්‍යාල වලද මෙදිනට මෙම සැමරීම අනිවාර්‍ය කළයුතුය.එසේම රටපුරා නිවසක් නිවසක් ගානේ ධජ කොඩි නන්වා එය සැමරිය යුතුය.එවිට ඒ තුලින් මේ රටේ සමස්ථ ජනතාව මෙන්ම බාල පරම්පරාව තුලද කුඩාකළ සිටම ජාතිකානුරාගය වර්ධනය වීමෙන් ජාති‍යානුරාගය සහ දේශාභිමානයෙන් සන්නද්ධවූ ජනතාවක් හා ජාතියක් රට්තුල බිහිවණු ඇත. ඒ තුලින් මේ රටේ නවතම ජාතික පුනරුදයක් ඇතිවී මරනින්දේ පසුවන මේ සින්හල ජාතිය යළි කේශර සින්හයින් මෙන් අවදිවී යලිත් නැගීසිටිණු ඒකාන්තය…..|තව කියවන්න Lankaweb

Share this :