කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දී ඇති විස්තීර්ණ ණය පහසුකමේ පස්වන (05) වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයෝ සහ මෙරට රජයේ බලධාරීහු මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී රැස්වී සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එය මෙරට ඉතා වැදගත් වූ සාකච්ඡා වට ගණනාවකින් යුක්ත වූවකි. මේ සාකච්ඡාවලින් පසු එළැඹී තීන්දු තීරණ හා ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අයි. එම්. එෆ් දක්වන අදහස් සලකා බලමින් මේ ලිපිය සකස් කෙරිණි.
වර්ෂ 2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති දෙස් – විදෙස් ණය පහසුකම්වලින් හතරෙන් තුනකටත් වඩා යළි ආපසු ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ලබා ගත් ණය ගෙවූ රටක් ලෙස අප රට වෙත තිබූ අද්විතීය කීර්තිය පලුදු වීමය.…|තව කියවන්න දිනමිණ