කොත්මලේ බස්රථ අනතුරු සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක්
කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේ පසුගියදා (11) සිදු වූ බස්රථ අනතුර සම්බන්ධව විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ.කේ.කාහිංගල යන අයයි.
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර, නිරීක්ෂණ හා නිදේශ සහිත වාර්තාවක් ලබන 30 වැනිදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය එම කමිටුව වෙත දැනුම්දී තිබේ…..|තව කියවන්න news.lk