කොත්මලේ බස් අනතුර: ‘බස් එක ස්පීඩ් ආවා ටිකක්… ඇවිල්ලා බ්‍රේක් පාර ගහනකොට වම් පැත්තට බස් එක ඇඹරුණා’
රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (මැයි 11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් දහවල් 12 වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.
මෙම අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටින බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියි. කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මෙම බස් රථය අද අලුයම 4.30ට පමණ නුවරඑළිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණි…..|තව කියවන්න BBC NEWS සිංහල