‘කොළඹ බලය අපිට’: ‘නගරාධිපති බල්තසාර්, තව ඇත්තේ නිල ප්‍රකාශය නිකුත් කිරීම පමණයි’
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් මේ වනවිට පිහිටුවා අවසන් බවත් ව්‍රායි කැලී බල්තසාර් එහි නගරාධිපතිනිය වනු ඇති බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (මැයි 28) මහනුවරදී පැවසුවේය.
ඒ අනුව, දැන් ඇත්තේ එම පත්කිරීම් නිල වශයෙන් ප්‍රකාශ කිරීම පමණක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. 50%ට වඩා මන්ත්‍රී ආසන ලබා ගත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට කිසිදු ගැටලුවක් නැති බවත් එම ආයතනවලට නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති පත් කර ඇති බවත් පැවසීය…..|තව කියවන්න මව්බිම