ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කොට මානුෂීය ආධාර සැපයීය යුතුයි – ඊජිප්තුව
ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ඇති කළ යුතු බවත්, ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමට පහසුකම් සැලසිය යුතු බවත් ඊජිප්තු ජනාධිපති Abdel Fattah al-Sisi මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) අරාබි සහ මැද පෙරදිග කටයුතු පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක Massad Boulos මහතා හමුවූ අවස්ථාවේදීය.
ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඊජිප්තුව, ඇමරිකාව සහ කටාර් ඒකාබද්ධ මැදිහත්වීම Sisi මහතා අගය කළේය. ඉදිරි කාලය තුළ මෙම සම්බන්ධීකරණය අඛණ්ඩව කරගෙන යාමට ඊජිප්තුවේ කැපවීම ඔහු නැවත අවධාරණය කර ඇත…..|තව කියවන්න CRI online