Sunday, June 8, 2025
Local News

ගුරු පත්වීම් ලබාදීමේදී ගැටලු ඇති වුණේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු නිසයි – අග්‍රාමාත්‍ය

0

ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (20) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය. සේවයේ සිටින ගුරුවරු විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ පවතින ගුරුපුරප්පාඩු, දුෂ්කර ප්‍රදේශවල පවතින විෂය විවිධත්වය යන කරුණු සියල්ල සලකා බලා විෂය මට්ටමින් ගුරු පුරප්පාඩු ගණනය කර විද්‍යාපීඨ මට්ටමින් එකවර බඳවා ගැනීමට පවතින පහසුකම්ද සලකා බලා තමයි ශික්ෂණලාභින් බඳවා ගැනීම තීරණය කරන්නේ. පසුව ඒ පිරිස ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හිමිකර ගැනීමෙන් පසු විද්‍යාපිඨ අවසන් වසර විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ පදනම සලකා රජයේ පාසල් වල ගුරු පත්වීම් ලබා දෙනවා…..|තව කියවන්න news.lk

Share this :