ගොවිබිමට පුනරුදය අද ඇරඹෙයි
ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.…|තව කියවන්න news.lk