Wednesday, June 25, 2025
Local News

චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදි ඇය සිය ලිපියෙන් පවසන්නේ අත්තනගල්ල ප්‍රාදේශය බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වන පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයින් තම ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න හා සරණ ගුණවර්ධනගේද ඡායාරූප සහිත අත්පත්‍රිකා බෙදමින් සිටින බවත් ඒ සඳහා කිසිදු අවසරක් තමා ලබා දී නොමැති බවයි.

තවද කිසිදු ලෙසකින් තම නම හෝ ඡායාරූපය  භාවිත නොකරන ලෙස පුටුව ලකුණින් තරඟ කරන සියලු අපේක්ෂකයින්ට තරයේ දැනුම්දී තිබෙන බව ඇය සිය ලිපියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබෙනවා..…|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :