Sunday, June 8, 2025
shortnews

චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නගාසිටුවන්න අවධානය

0

චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික , සමාජීය , සංස්කෘතික , සහසම්බන්ධතාව වැඩිදියුණු කරමින් දෙරට අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙරෙහි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.අතීතයේ සිට පැවත එන චීනය සහ ශ්‍රී ලංකාව අතර සහසම්බන්ධතාව මත පෙර අපර දෙදිග යා කරන සේද මාවත ලෙස සුවිශේෂී ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවනවා.එම සබඳතාව තවදුරටත් වර්ධනය කරමින් විශේෂිත සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ගාල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා.

මේ තුළින් ඉදිරියේදී චීනයේ ග්වාන්ෂෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් තවත් ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට නියමිත බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.චීනය සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක ස්ථාන තවදුරටත් පුළුල් කර ගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණක්.

Share this :