චීන-ඇමරිකා ජිනීවා සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය ජාත්‍යන්තරයේ පිළිගැනීමට
චීන-ඇමරිකා ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය ඊයේ (12) පළ කිරීමෙන් පසු,ජාත්‍යන්තර මහජන මතය එය පිළිගත්තේය. එම ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, ඇමරිකාව චීනයට පනවා තිබූ අතිරේක තීරුබදු වලින් 91% ක් අවලංගු කළ අතර, ඊට සමගාමීව චීනය ද ඇමරිකාවට අදාළ තීරුබදුවලින් 91% ක් අවලංගු කළේය. එමෙන්ම, ඇමරිකාව එහි 24% “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති අතර, ඒ අනුව යමින් චීනය ද 24% කින් ඇමරිකාවට එරෙහි තීරුබදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත. මෙම උත්තේජනය සමඟ ඊයේ (12) ප්‍රධාන ගෝලීය කොටස් වෙළෙඳපොළෙහි ඉහළ යාමක් දක්නට විය.
මේ වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකාව චීනයට ඉහළ අතිරේක තීරුබදු පැනවීමත් සමඟ චීනය ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමෙන් පසු, ඇමරිකාවේ ඉල්ලීම පරිදි පවත්වන ලද මෙම සාකච්ඡාව, දෙපාර්ශ්වය මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව විය. සාකච්ඡා පැවති දින දෙක තුළ දෙපාර්ශ්වය අතර අවංක, ගැඹුරු සහ නිර්මාණාත්මක සන්නිවේදනයක් පැවතුනි. එහිදී දෙපාර්ශ්වය ධනාත්මක එකඟතා රැසකට එළැඹි අතර, ද්විපාර්ශ්වික තීරුබදු මට්ටම් සැලකිය යුතු ලෙස අඩු කරමින්, අදාළ ගැටළු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා වෙළඳ උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ද එකඟ විය. ඒ අනුව මෙවර සාකච්ඡා “සැලකිය යුතු ප්‍රගතියක්” අත්කර ගත්තේය…..|තව කියවන්න CRI online