ජනපති අනුරගේ කතාවෙන් තව 10%ක් ඡන්ද නැති වුණා…! – මුජිබර් රහුමාන්
පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා පළාත් පාලන නීතිය වෙනස් කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. නමුත් බය කරලා, ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන්න ආණ්ඩුවට හැකියාවක් නෑ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“විපක්ෂය බලය තහවුරු කිරීමට උත්සහ කරන පළාත් පාලන ආයතනවල බලය, මාස තුනක් ඇතුළත කෙසේ හෝ ආණ්ඩුව ලබාගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවත්, නීති වෙනස් කර හෝ එය සිදුකරන බවටත් හැඟවෙන අදහසක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා”…..|තව කියවන්න Asian MIRROR