ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
එම බංගලා සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. ජනපති බංගලා කුලියට ලබා ගැනීමට විවිධ ඉල්ලීම් දහයක් පමණ ලැබී ඇති අතර එම ඉල්ලීම් සලකා බලාගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය..…|තව කියවන්න ලංකාදීප