Sunday, June 8, 2025
Local News

ජනාධිපති හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡාවක්

0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පෙරවරුවේ පවත්වා තිබෙනවා .

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ . ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් මහතාව දැනුම්වත් කර තිබෙනවා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :