ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළව රාජ්‍ය සහ පෞද්ගලික සියලු මාධ්‍ය සංවිධාන තුළින් අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
මාධ්‍ය සංවිධානවලට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමටත්, සුරක්ෂිත සහ වගවීමෙන් යුක්ත රාමුවක් තුළ පොදු උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිවන ප්‍රශස්ත පරිසරයක් නිර්මාණය කිරීමත් මෙහෙවර කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනයට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ පැවැති සාකච්ඡාවේ දී දැනට සකස් කර ඇති ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතෙහි සිදුවිය යුතු සංශෝධන, අලුතින් ඇතුළත් විය යුතු කරුණු, භාෂා ත්‍රිත්වයෙන් ම කෙටුම්පත සම්පාදනයේ වැදගත්කම, ප්‍රතිවිරෝධතා, මෙහෙයුම් කමිටු ක්‍රියාකාරීත්වයන් සහ අභිමතාර්ථ පිළිබඳව මාධ්‍ය සංවිධාන තුළින් යොමු කරන ලද අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා ලදී…..|තව කියවන්න news.lk