Monday, June 23, 2025
Local News

ජාතික වැදගත්කමක් ඇති කරුණු සඳහා වර්තමාන තරුණ වෘත්තිකයන් වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කළ යුතුයි – අග්‍රාමාත්‍ය

0

ජාතික වැදගත්කමක් ඇති කරුණු සඳහා වර්තමාන තරුණ වෘත්තිකයන්ට වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙ අද (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති,  ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ 50 වන සංවත්සර උළෙල අමතමින් ඇය මේ බව සදහන් ක⁣ළාය. ඊට සමගාමිව දැනට ජීවත්ව සිටින  සංගමයේ ජ්‍යේෂ්ඨයින් ඇගයීමත්, 50 වන සමරු මුද්දරය නිකුත් කිරීමත්, අගමැති තුමියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී  තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ සංවිධානය (OPA)  ශ්‍රී ලංකාවේ වෘත්තීය ප්‍රජාව එක්සත් කරමින් ඔවුන්ගේ විශේෂඥ දැනුම, අදහස් සහ දායකත්වය වෙනුවෙන් සාමූහික හඬක් බවට පත්වීමට වසර පහක් පුරා දැරූ අඛණ්ඩ ප්‍රයත්නය අගය කරන බවත්,  OPA හි සුවිශේෂීත්වය වන්නේ එහි පරිමාණය සහ විෂය පථය බවත්,  වෘත්තීන් 34ක් නියෝජනය කරන, සාමාජික සංගම් 52කින් සමන්විත, වෘත්තීයවේදීන් 60,000ක් පමණ නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය ලෙස, ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය තුළ OPA ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් සඳහන් කළාය…..|තව කියවන්න news.lk

Share this :