ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවිද?
ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථික-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා වනු ඇත්තේ ඔහු ය.
ඇතැම් නායකයන්ගේ මූලිකත්වයෙන් ඇති කෙරෙන වෙනස්කම් තාවකාලිකයි. අතලොස්සක් නායකයෝ චිරාත් කාලයක් පවතින වෙනස්කම් කරති. ඔවුන් විසින් සිදු කරනු ලබන වෙනස්කම්, ආපස්සට හැරවිය නොහැකි තරමේ හයිහත්තියෙන් යුක්ත වෙයි. එසේ වන්නේ, එවැනි වෙනස්කම් ආපස්සට හැරවීමට ලෝක තත්වයන් විසින් කිසි අවසරයක් නොසපයන බැවිනි..…|තව කියවන්න අනිද්දා