ඩෙංගු රෝගීන් 17,459ක් – මැයි ඩෙංගු මර්දන මාසයක්
රටේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු රෝගීන් ඊයේ (30දා) වනවිට 17,459 දෙනකු වාර්තා වී ඇති බවත් අප්‍රේල් මාසය තුළ පමණක් 5000ක වැනි රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 27% ක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14.8% ද කළුතර දිස්ත්‍රික්කයෙන් 3.8% ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. 9.2% ක් රත්නපුරෙන් ද 6.3% ක් මඩකළපුවෙන් ද 6.0% ක් මහනුවරින් ද 4.2% ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ඒ මහතා පැවසූ අතර ඩෙංගු රෝගීන් හයදෙනකු මේ වනවිට මියගොස් ඇති බවද පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වනවිට ඩෙංගු රෝගීන් 1665 දෙනකු වාර්තා වන බවද ඔහු පැවසීය.….|තව කියවන්න දිවයින