ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දකුණු අප්‍රිකා ජනපතිට චෝදනාවක්
දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට හිංසා පීඩා එල්ල වන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසාට පවසා තිබෙනවා.
තර්ජනාත්මකව එම ප්‍රකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දකුණු අප්‍රිකාවේ සුදු ජන සන්හාරයක් පිළිබඳ ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ සජීව ප්රවෘත්ති සාකච්ඡාවකදීයී. එක්සත් ජනපදය හා දකුණු අප්‍රිකාව අතර සහයෝගීතාව වර්දනය කිරීම සඳහා පැවති මෙම හමුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මත භේද තවත් උග්‍ර අතට හැරුණු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එක්සත් ජනපදය, අප්‍රිකානුවන් 60 දෙනෙකුට සරණාගතභාවය ලබාදි තිබුණා…..|තව කියවන්න ITN ප්රවෘත්ති