තේ මිල පහළට
මෙරට තේ වෙන්දේසියේ තේ කිලෝවක මිල ඉකුත් වසරට (2024) සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී රුපියල් 107 කින් පහත වැටී තිබෙන බවත්, පවතින ආර්ථික තත්ත්වය මත තේ මිල දිගින් දිගටම පහළ වැටුණහොත් කර්මාන්තය පවත්වාගෙන යාමේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වන බවත් වතු සමාගම් සඳහන් කරයි.
තේ වෙන්දේසියේදී තේ කිලෝවක් රුපියල් 1,100 කට පමණ අලෙවි කෙරුණද, තේ කිලෝවක නිෂ්පාදන වියදම ඊට සමාන බවද එම සමාගම් නියෝජිතයෝ පවසති.
කෙසේ නමුත් වතු කම්කරුවකුගේ වැටුප සියයට 35 කින් ඉහළ දැමීමට වතු සමාගම් කටයුතු කළ බවද වතු සමාගම් සඳහන් කරයි. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1350 වැටුපට අමතරව නිෂ්පාදිත ධාරිතාවය අනුව තවත් රුපියල් 350 ක් උපයා ගැනීමට අවස්ථාව සලසා ඇතැයිද වතු සමාගම් සඳහන් කරයි..…|තව කියවන්න අරුණ