දළදා වන්දනාවේ අසිරිමත් පුද සිරිත්
ශ්‍රී දළදා වහන්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට දැක ගැනීම සඳහා මෙවර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර 16කට පසුව ය. මෙයට පෙර දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 වසරේ දී ය. එයින් පෙර සාමාන්‍යයෙන් වසර 10කට පමණ වරක් දළදා ප්‍රදර්ශන පැවැත්වීමේ සම්ප්‍රදායයක් තිබුණි. නිතර දළදා ප්‍රදර්ශන නොපැවෙත්වෙන්නේ දළදා ප්‍රදර්ශන පැවැත්වීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන නිසා ය.
මහනුවර දළදා මාලිගාවේ වැඩසිටින දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් දිනපතා පවත්වන පුද පූජාවලට අමතර ව වාර්ෂික ව පවත්වන පුද පූජා රාශියක් ද වෙයි. එම පුද පූජා හඳුන්වන්නේ සතර මංගල්‍යය ලෙස ය. එම සතර වන්නේ අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතරයි. මේ සතරෙන් ඇසළ පෙරහර මංගල්‍යය විශේෂ වෙයි.
වාර්ෂික දළදා පෙරහර කෙරෙන අවස්ථාවල දී මෙන්ම දළදා වන්දනාවේ දී ද අනුගමනය කරන චිරාගත චාරිත්‍ර සමූහයක් වෙයි. සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජාවලට අමතරව දළදා වන්දනාවක් පැවැත්වෙන අවස්ථාවල දී කෙරෙන පුද පූජා රාශියක් ද වෙයි..…|තව කියවන්න බුදුසරණ