දළදා වහන්සේ පිළිබඳ විදේශීය මූලාශ්‍ර
පොලොන්නරු සමයේ පළමුවැනි පරාක්‍රමබාහු, දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම කුරුණෑගල සමයේ දී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින් ද දළදා වහන්සේට කළ පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූලවංසය මෙන් ම දළදා සිරිත වැනි කෘතිවලින් සනාථ වේ.
දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැරුණු කොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මඟින් ද දළදාවේ ඉතිහාසය පිළිබඳ ව තොරතුරු දැනගත හැකි ය. මෙම ග්‍රන්ථ අතරින් එක් ග්‍රන්ථයක් ලෙස ජිනකාලමාලි සඳහන් කළ හැකියි. මෙය පාළි වංශ කථාවකි.
මෙය රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියැන්මායිහි රත්තවන විහාරයෙහි රතනපඤ්හ නමැති හිමි නමක් විසිනි. මෙම ග්‍රන්ථය පියවර තුනකින් නිමකොට ඇති අතර සම්පූර්ණ කර ඇත්තේ ක්‍රි.ව 1528 දී ය. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට බෞද්ධාගම ව්‍යාප්ත වූ ආකාරය විස්තර කිරීමයි. මේ සඳහා ඔහු විවිධ මූලාශ්‍ර භාවිත කොට තිබේ. සිරිමේඝවණ්ණගේ නවවැනි රාජ්‍ය වර්ෂයෙහි ලංකාවට දළදා වහන්සේ වැඩම වීම පිළිබඳ ව මෙහි තොරතුරු දැක්වේ. මේ සඳහා පදනම් වී ඇත්තේ දාඨාවංසයෙහි සඳහන් වන තොරතුරු ය. නමුත් පසුකාලීන ව මෙයට අලුත් තොරතුරු ද ඇතුළත් වී තිබේ..…|තව කියවන්න බුදුසරණ