දිවයින පුරා හයිලන්ඩ් වරලත් අලෙවිසැල් 500ක් ආරම්භ කෙරේ
මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රචලිත කිරීමේ අරමුණින් දිවයින පුරා හයිලන්ඩ් වරලත් අලෙවිසැල් 500ක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත් වුණු අතර, එම උත්සවයට එක්වෙමින් හයිලන්ඩ් නිෂ්පාදන පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කිරීමට සහ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හිඟයකින් තොරව මහජනතාවට මිලදී ගැනීම අවස්ථාව ලබාදෙන බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ,
හයිලන්ඩ් වරලත් අලෙවිසැල් 500ක් ආරම්භ කිරීමේ මෙම ව්‍යාපෘතිය මඟින් අපගේ නිෂ්පාදන එකම තැනකින් මිලදී ගැනීමට හැකිවන අතරම, ත්‍රිපෝෂ, සීනි සමාගමේ නිෂ්පාදන, කුළු බඩු සංස්ථාවේ නිෂ්පාදන වැනි ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ හැකියාව ද මේ හරහා පාරිභෝගිකයන්ට හිමිවන බවයි.