Sunday, June 1, 2025
Local News

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

0

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

ඒ අනුව අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළේය.…|තව කියවන්න අද දෙරණ

Share this :