Sunday, June 8, 2025
FeatureNews

පරිසර දිනය අදයි: ඉදිරි පරිසර විසඳුම් කියන ‘කෑගලු ප්‍රකාශනය’ අද එළි දකී

0

පරිසරය සම්බන්ධ ඉදිරි දැක්ම සැලසුම් හා විසඳුම් ඇතුළත් ‘කෑගලු ප්‍රකාශනය’ ලෝක පරිසර දිනය යෙදෙන අද (ජූනි 5) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එළිදැක්වෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ‘මව්බිම’ට පැවසීය.

මෙවර ජාතික පරිසර දින සමරු උත්සවය කෑගල්ල නිදහස් මාවතේදී පැවැත්වෙන අතර එයට සමගාමීව කෑගලු ප්‍රකාශනය ද එළි දැක්වෙන බව ද ඔහු සඳහන් කළේ ය. එමෙන් ම, කෑගල්ලේ නගරයේ ‘නගර උද්‍යානයක්’ සකස් කිරීමේ වැඩකටයුතු අද දිනයේදී පැළ සිටුවා ආරම්භ කෙරෙන බව ද පැවසීය. ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ වන රක්ෂිත පහ සහ මෙරට ආවේණික ස්ථානීය මත්ස්‍ය විශේෂයක් වූ බන්දුල පෙතියා ජීවත්වන කෑගල්ල, ගලපිටමඩ ඇළ මාර්ගය අභය භූමියක් බවට පත්කළ ලිපි ලේඛන ජාතික පරිසර දින සමරුවේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වෙන බව ද ඔහු සඳහන් කළේ ය…..|තව කියවන්න මව්බිම

Share this :