Sunday, June 8, 2025
Local News

පාසැල තුළ සිදුවන ළමා හිංසනයට තවදුරටත් ඉඩ නොතැබිය යුතුයි.

0

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බවත්, තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බවත්, එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මේ පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ළමුන් යනු රජයක මූලික වගකීමක් බවත්, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් බැදී සිටින බවත්, එබැවින් එම වගකීම රජයට මෙන්ම පාසල් පද්ධතිය භාරව කටයුතු කරන රජයේ නියෝජිතයන් වන සියලුම නිලධරයන්ටත් පැවරෙන බවත් පෙන්වා දුන්නා ය…..|තව කියවන්න news.lk

Share this :