පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!
තාප බලාගාරවලට ඉඩ දෙන්න
තාප විදුලි බලාගාර ප්‍රවර්ධනය කිරීම උදෙසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ කූට උත්සාහයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී තාප විදුලි බලාගාර සඳහා ඉල්ලුම අඩුවන බැවින් මෙම සැලසුම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
2023 වසරේ තාප බලාගාර සඳහා රුපියල් බිලියන 227 ක් වැය කර ඇත. එසේම 2024 වසරේදී එම අගය රුපියල් බිලියන 145කි. වසරක් තුළ රුපියල් බිලියන 82 ක් ලංකා විදුබල මණ්ඩලයට ඉතුරු කර ගැනීමට හැකිව ඇත්තේ රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා වැඩි වශයෙන් යොමුවීම නිසා බව සංඛ්‍යා දත්ත තහවුරු කර ඇත…..|තව කියවන්න දිවයින