බත් කන හරක්
ශ්රී ලංකාවේ වර්ගවාදී යුද්ධයේ දී මියගිය දෙමළ ත්රස්තවාදීන් සැමරීම සඳහා කැනඩාවේ ස්මාරකයක් ඉදිකර ඇතැයි දැනගන්නට තිබේ. මේ ස්මාරකය ප්රභාකරන්ගේ ඔරිජිනල් ඊළාම් සිතියමෙන් සමන්විතය. කැනඩාවේ සිටින ප්රභාකරන් හිතවාදී අන්තවාදී ඊළාම් කොටස් විසින් මේ ස්මාරකය ඉදිකර ඇතැයි දැනගන්නට තිබේ. විදේශ ඇමැති විජිත හේරත් ඒ පිළිබඳ නිල වශයෙන් විරෝධය පළ කර ඇතත් කැනඩාව එම විරෝධය ශත පහකට ගණන් ගෙන නැත. කැනඩාව තුළ ශ්රී ලාංකික දෙමළ ජාතිකයෝ විශාල පිරිසක් සිටිති. මේ අයගෙන් 99% ක්ම 83 ජූලි කලබල සමයේ දී සහ යුද්ධය පැවැති 30 අවුරුද්ද තුළ ලංකාවෙන් කැනඩාවට පැන ගිය අය වෙති. මෙහි ඇති ලොකුම අවුල වන්නේ ඊළමට සපෝට් කරන සිංහලයන් ද කැනඩාවේ සිටීමය. එරටට නන්නත්තාර සිංහලයකු බැස්ස විට දෙමළ ජාතිකයෝ මහත් ලෙස උදව් කරති.
එතැන් සිට ඒ සිංහලයා ඊළමට උදව් කරන සහ ඊළම ප්රාර්ථනා කරන සිංහලයෙක් බවට පත් වෙයි. කැනඩාවේ විශාල දෙමළ ඡන්ද පදනමක් තිබේ. කැනේඩියානු දේශපාලනඥයෝ මේ ඡන්ද පදනම බෙදාහදා ගෙන සිටිති. මේ ඡන්ද පදනමෙන් තොරව මැතිවරණවලින් ජය ගැනීම නූතන කැනඩාව තුළ දුෂ්කරය. ඒ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කැනඩාවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දීමට කැනේඩියානු දේශපාලනඥයන්ට සිදුවෙයි. ලංකාවෙන් ගොස් කෙළින්ම බෙදුම්වාදී දේශපාලනය කර කැනේඩියානු පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරු ලබාගත් ගැරී ආනන්දසංගරී වැනි අය පිළිබඳ මෙහිදී මතක් කර දිය යුතුය. ඔහුගේ පියා ශ්රී ලංකාවේ ජීවත් වූ කීර්තිමත් දෙමළ දේශපාලනඥයෙකි. ඔහු කවදාවත් ඊළමක් ඉල්ලුවේ නැත. ඒ වෙනුවට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වැඩිදියුණු කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මේ කතාව බොහෝ දුර කිව හැකි කතාවකි. එහෙත් අපි වෙනත් මාතෘකාවකට යොමු වෙමු…..|තව කියවන්න දිවයින