Sunday, June 8, 2025
shortnews

මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම පිළිබද වැඩමුළුවක්

0

සමාජ ගැටලුවක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතය සහ එයට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මතින් නිදහස් සේවයක් සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් අරමුණු කර ගනිමින් පැවැත්වෙන සුරක්ෂා මාධ්‍ය පාලක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන් මාලාවේ 6 වන වැඩසටහන ලෙසයි මෙය පැවැත්වුනේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය / කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කළා

Share this :