මාලිනී නමැති ඉන්ද්‍රජාලය
මරණය ඉතාම පොදු ය. මෙලොව උපදින හැම මනුෂ්‍යයෙක්ම මියයයි. එහෙත් මාලිනී ෆොන්සේකාගේ මරණය මේ රටේ ජනතාව තුළ ඇති කරන ලද කම්පනය ඉතා විශාලය. මාලිනී ෆොන්සේකා යනු ගෙදරදොරේ නාමයකි. නූතන පරම්පරාවේ සිටින හැම දෙනාමත් ඇය ගැන දනිති. නූතන නව යෞවන පරම්පරාවේ සිටින 90% ක පමණ පිරිසක්වත් ඇය ගැන දන්නවා ඇත. ඇය බරපතළ ලෙස රෝගීව සිටින බව රට පුරා ප්‍රසිද්ධ වූ අතර, එම රෝග තත්ත්වය අනුවත්, උපහාරයක් පිණිස ඇය ප්‍රසිද්ධ වේදිකාවට ගෙනා අවස්ථාවක දී හැසිරුණු ස්වරූපය අනුවත් ඇගේ අවසානය ඉතා ළංව තිබෙන බව ඇගේ රසිකයන්ගේ උපවිඥ්ඥානයට දැනිණ. ඇය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන්වන ලද අවස්ථාවේ දී සිටියේ ඉතාම වේදනාවෙනි. ඇය ඒ වේදනාව යටපත් කර ගැනීම සඳහා අප්‍රමාණ උත්සාහයක් දැරුව ද එය අසාර්ථක විය. මේ අවස්ථාවට සහභාගි වූ ඇගේ සමකාලීන නළු නිළියෝ ඇගේ ස්වරූපය දැක හඬා වැළපුණාහ. ඒ මොහොතේ දී මාලිනී ද හැඬූ නමුත් ඇය කඳුළු පිට කළේ නැත. ඇය හඬන බව නරඹන්නන් දැන ගත්තේ ඇගේ මුහුණේ මාංසපේෂි චලනය වූ ආකාරයෙනි. මාලිනීගේ මරණය මේ ශතවර්ෂයේ මේ දක්වා සිදුවූ වැඩිම කම්පනයක් ගෙනදුන් මරණය විය හැකිය. ඇය මියගියේ අවුරුදු 78 දීය. ඒ අවුරුදු 78 ක කාලය තුළ අවුරුදු 7800 ක් තුළ දිය හැකි තරම් දායකත්වයක් ඇය සිංහල සිනමාවට මෙන්ම ආසියාවේ වෙනත් රටවල සිනමාවට ද ලබාදී තිබුණාය. ඇය අවස්ථා විසි ගණනක දී පමණ ලංකාවේ ජනප්‍රියම නිළිය ලෙස නරඹන්නන්ගේ ඡන්දවලින් තේරී පත්වූවාය…..|තව කියවන්න දිවයින