මාලිමාවට කොළඹ බලය ගන්න ස්වාධීන කණ්ඩායම් කිහිපයක සහාය
කොළඹ මහනගර සභාවේ පරිපාලනය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දීමට ස්වාධීන කණ්ඩායම් කිහිපයක් එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා (19) පස්වරුවේ කොළඹ මහනගර සභාවට තේරී පත්වූ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අතර ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එම කණ්ඩායම් නියෝජිතවරුන් කිහිපදෙනකු පැවසුවේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය දීමට තීරණය කළ බවයි.
ජාතික ජන බලවේගයට සහාය දෙන්නේ කුමන වරප්‍රසාදයක් ලබාගෙනද යන්න මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ මුදලට හෝ වරප්‍රසාද බලාගෙන ජාතික ජන බලවේගයට සහාය නොදෙන බවයි. ජාතික ජන බලවේගය මුදලට හෝ අයථා ගනුදෙනුවලට වැඩ කරන පක්ෂයක් නොවන බවත් ඔවුහු කීහ. ජනතාවට උපරිම සේවයක් ඉටු කිරීම බලාපොරොත්තුව බැවින් මෙසේ සහාය දීමට තීරණය කළ බව ද ඔවුහු මාධ්‍යයට කීහ. ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ව්‍රායි බල්තසාර්ට කොන්දේසි විරහිතව සහාය දෙන බව ද ඔවුහු කීහ…..|තව කියවන්න දිනමිණ