මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි
මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන වාර්තාවකට අනුව රෝග විශේෂඥයන් අතුරින් 57%ක් ම විශ්වාස කරන්නේ මීළඟට ඇති වන්නට නියමිත ගෝලීය වසංගතයට හේතු කාරක වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරස බවයි. මේ සමීක්ෂණය සිදු කළ ජර්මනියේ Cologne විශ්වවිද්‍යාලයේ Jon Salmanton-García සඳහන් කරන පරිදි දීර්ඝ කාලීන ව සිදු කරන ලද පර්යේෂණ මඟින් අනාවරණ කර ඇති, නිරන්තරයෙන් පරිණාමය වෙමින් නව විකෘතීන් ඇති කරන ලොව ඇති විනාශකාරී ම වසංගත තත්ත්වය වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සාවයි| තව කියන්න විදුසර