Sunday, June 22, 2025
Local News

මුල් නඩු වාර්තාව නැතිව විභාගයට ගැනීම ගැන විත්තියෙන් විරෝධතා

0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව, මුල් නඩු වාර්තාව නොමැතිව විභාගයට ගැනීම සම්බන්ධයෙන් විත්තිය ඊයේ (15) විරෝධතාවක් ඉදිරිපත් කළේය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මුල් නඩු වාර්තාව කැඳවීමට සහ සාක්ෂි විභාගය ලබන ජූනි 19 වැනි දා සිදු කිරීමට නියම කළේය. එදින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා හැටියට කටයුතු කළ කපිතාන් නිර්මාල් ද සිල්වා මහතාට අවවාද කළේය. කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් දේශීය ජල තීරයට බරපතළ හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා අටක් යටතේ විත්තිකරුවන් 8 දෙනකුට විරුද්ධව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත…..|තව කියවන්න දිනමිණ

Share this :