මේ රටේ ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්ණය සිංහලයාට උතුරේ සහ නැගෙනහිර බහුතර ප්‍රදේශයක ජීවත්වීමේ නොහැකියාවයි
සිංහල බෞද්ධ අත්තිවාරමක් (foundation) තිබෙන ශ්‍රී ලංකාවේ සිංහලයන්ට අමතරව ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසින් (මොවුන් සිංහල බෞද්ධයන්ගේම කොටසක් වැනි වෙති), මැලේ ආදීහු ජීවත් වෙති. ඔවුන් සියල්ල මෙහි ජීවත් විය යුතුය. එහි කිසිදු ප්‍රශ්ණනයක් නොමැත. අප සියළු දෙනාම ශ්‍රී ලාංකිකයෝය.
ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත් හැර ගම්පහ පදිංචි වීමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තු අත්හැර තංගල්ලේ පදිංචි විය හැක. නමුත්, ගම්පහ හෝ තංගල්ලේ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ අක්කරෙයිපත්තු ඉඩමක් මිලදී ගෙන නිවසක් සදා ගැනීමේ හැකියාව නැත/ඉතාම අපහසුය..
මෙය සාධාරණද? නිදහසේ තමන් කැමති තැනක ජීවත්වීම (freedom of movement) අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තියෙන් සියළු රටවැසියන්ට ලබාදී ඇති අයිතියකි. ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති International Covenant on Civil and Political Rights 1966 නමැති ජාත්‍යාන්තර ප්‍රඥප්තියේද මේ බව තදින්ම සඳහන් වේ…..|තව කියවන්න Lankaweb