මේ වන විට මෙරට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති
- බලශක්ති, සංචාරක, ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.
මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය…|තව කියවන්න news.lk