යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳීමට නව යාන්ත්‍රණයක්
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා එකඟතාව පළ කළේ ය.
ඒ මහතා මේ අදහස් පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන දුෂ්කරතා පිළිබඳව කළ දැනුම්දීමට ප්‍රතිචාරයක් ලෙසයි. තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත විදේශ අමාත්‍ය ධූරය සහ යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතීත්වය දරන රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා ඊයේ (28) දිවයිනට පැමිණි අතර විජිත හේරත් මහතා සමඟ නිල හමුවක් අද දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට GSP+ සහනය අඛණ්ඩව ලබා දීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමයේ වර්තමාන සභාපතීත්වය දරන පෝලන්තයට ස්තුති කළ අමාත්‍යවරයා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට නිරන්තරයෙන් දක්වන සහයෝගය අගය කළේ ය. කිසිදු ආගමික, ජාතික හෝ වාර්ගික කණ්ඩායමකට වෙනස් කොට සැලකීමක් සිදු නොවන අයුරින් අණපනත් සංශෝධනය කිරීමට නව රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතාට පෙන්වා දුන්නේ ය…..|තව කියවන්න news.lk