Tuesday, June 24, 2025
Local News

මාලිමා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාවක්..

0

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

මේ නිසා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හිතකර ලෙස ක්‍රියාකිරීම හෙවත් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරටේ අනාගතය සුබවාදී කරයි. 1950 වසරේ පමණ සිට අඛණ්ඩව පවත්වාගෙන ආ නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිය වර්තමාන මාලිමා රජය උල්ලංඝණය කරමින් ඇතැයි විදෙස් රාජ්‍යයන්ට පක්ෂග්‍රාහී වෙමින් රටට අනතුරුදායක ගිවිසුම් අත්සන් කරමින් රට අනතුරට හෙළීමට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොට ශ්‍රී ලංකාවේ ආර්ථික, ආරක්ෂක, භූ දේශපාලනික ස්ථාවරත්වය රැකීමට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය අද(29) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පවත්වන ලදී…..|තව කියවන්න Lankaweb

Share this :