Sunday, June 8, 2025
shortnews

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් සෑම හමුදා කඳවුරකටම රණවිරු සුබසාධන අංශයක්

0

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශ ඇරඹීමට පියවර ගනී. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලබාදෙන සුබසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදු කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් මත දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර ඇත.

දිවයින පුරා පිහිටි සෑම යුද හමුදා කඳවුරකම එහි අණදෙන නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධීකරණ අංශ පිහිටුවා ඇති අතර, එය 2025 මැයි මස 26 වැනි දින සිට ක්‍රියාත්මක ය.

අදාළ රණවිරු සම්බන්ධීකරණ අංශය අදාළ ගැටළු යුද හමුදා මූලස්ථානය සහ අනෙකුත් ආයතන වෙත යොමු කර වඩාත් කඩිනමින් එම ගැටලු විසඳීමට කටයුතු කරනු ඇත.

Share this :